මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයක් තුළ දැක්වූ විරෝධතාවයක රූපරාමු පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර මෙම සිදුවීම වාර්තාවන්නේ ඇල්බේනියාවෙනි.
එරට මන්ත්‍රීවරු පිරිසක් අයවැයට විරෝධය පළකරමින් මෙම විරෝධය සිදුකර තිබෙන බවත් එහිදී මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක් ද එල්ලකර තිබේ.
එසේම තවත් මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ කුඩා ගිනිමැල දල්වා සිය විරෝධය පළකළ අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
