පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදුලි සෝපානයක සිරවෙලා.

විදුලි සෝපානයක සිරවී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අකරතැබ්බයකට මුහුණ දී තිබෙන බව වාර්තා වේ .

මෙම අකරතැබ්බයට ලක්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාය.

වාර්තා වන ආකාරයට ඒ මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි සෝපානයේ ගමන් කරමින් සිටියදී මෙලෙස එය ක්‍රියා විරහිතව තිබේ . එම අවස්ථාවේ ඒ මහතා සමග ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුද එහි සිට තිබේ.

පසුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිටි පොලිස් නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා ඔවුන්ව ඉන් පිටතට ගැනීමට සමත්වී තිබේ .

නමුත් මිනිත්තු 20කට පමණ ආසන්න කාලයක් මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරීන් එහි සිරවී සිට ඇති බව සඳහන් .

Exit mobile version