මොරන්තුඩුව ධම්මානන්ද විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට කළ පහර දීමක් මුල් කර ගනිමින් එම සිසුවාට එම විද්‍යාලයේම සිසුන් තිදෙනෙකු විසින් අමානුෂික ලෙස පහර දී ඇති අතර එම පහර කෑමට ලක් වූ 11 ශ්‍රේණියේ සිසුවා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඔහුගේ දකුණු පාදයේ අස්ථියක් බිදීම හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කළ බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකාර සිසුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 10 ශ්‍රේණියේ සහ !2 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බව සදහන් කරයි.
එමන්ම මෙම සිසුවාට පහර දුන්නා යැයි කියන තවත් සිසුන් තිදෙනෙකු හදුනා ගෙන ඇති අතර ඔවුන් ද අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය කටයුතු කරන බව වාර්තා වේ.
