පාසල් සිසුවියන් දෙදෙනෙක් ජල රකුසට බිළි

පාසල් සිසුවියන් දෙදෙනෙක් කුරුණෑගල විශාඛා වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

වයස අවුරුදු 13 සහ 14 වියෙහි පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක් මෙසේ මියගොස් ඇත.

ගැහැණු ළමුන් සිව්දෙනෙකු ඊයේ (15) පස්වරුවේ විශාඛා වැවේ දියනෑමට ගොස් ඇති අතර මෙම සිසුවියන් සිව්දෙනා දියේ ගිලෙමින් සිටින බව ප්‍රදේශවාසීන් දැක ඇත.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මෙම ළමුන් බේරාගෙන ඇති අතර අසාද්‍ය තත්ත්වයේ පසුවූ සිසුවියන් තිදෙනෙක් කුරුණෑගල රෝහල වෙත ඇතුළත් කර ඇත.

ඒ අනුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිසුවියන් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කුරුණෑගල පොලිසිය විසින් සිදු කරයි.

Exit mobile version