ශ්‍රී ලංකා කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක , සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කොට ඇත්තේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ පොලිස් නිලධාරීන්ට හට උසස්වීම් හා වගකීම් ලබාදීම අනුමත කළ නොහැකි බවත් බලධාරීන් එම ප්‍රහාරයේ වග කීම් පැහැර හරිමින් ඇති බවත්ය.
බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී ඊයේ (9) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ බව පවසා තිබේ.
දේශපාලනඥයන්ගේ උවමනා එපාකම් ඉෂ්ඨ කරගැනීම වෙනුවෙන් එම නිලධාරීන් ඉහළ තනතුරු සදහා පත්කර ගැනීමේ උත්සාහයක නිරත වන බව තොරතුරු ලැබී ඇති බැවින් එවන් පියවරක් ගතහොත් කතෝලික සභාව ඒ වෙනුවෙන් විරෝධය පළ කරණ බව එතුමන් සදහන් කර තිබේ.
තවද පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ එවන් නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහලම හෝ වෙනත් තනතුරු සදහා පත් කරන්නේනම් පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා අබාධිත තත්වයට පත් ජනතාවට පාලකයන් කරණ සමච්චලයක් ලෙස දකින බව එතුමන් පවසා තිබේ.
එසේම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, සහකාර පොලිස් අධිකාරී සිසිර මෙන්ඩිස් සහ කටාන පොලිස් ස්ථානාධිපති චමින්ද නවරත්න යන අයට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුනට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්විය යුතු බව නිර්දේශ කර තිබියදීත් මෙවන් පියවර ගැනීම සුදුසු නැති බව පියතුමන් පවසා තිබේ.
