පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්  රනිල්ට සහ මෛත්‍රීට එරෙහිව පෙත්සම් විභාගය නොකඩවා විභාගයට ගැනීමට තීරණය කරයි.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව වැළැක්වීමට ක්‍රියා නොකිරීමෙන් එයට අනුබල දුන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු පොලිස්පති හා ආරක්ෂක ලේකම් ඇතුළු වගකිව යුත්තන්ට එරෙහි පෙත්සම් විභාගය අද ( 7 ) සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතව තිබේ.

අගරදගුරු (කාදිනල්) මැල්කම් රංජින් පියතුමන් ඇතුළු පූජක පියතුමන්ලා ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබ ඇති එම පෙත්සම් සියල්ල ම මෙසේ විභාගයට ගැනීමට  ඊයේ (ජූනි 6) රැස් වූ  ශ්‍රේෂ්ඨාධිකරණ සප්තපුද්ගල විනිශ්චය මණ්ඩලය තීරණය කළේ ය.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා විසින් කරන ලද ඉල්ලීම  එම පෙත්සම් විභාගය එක දිගට විභාග කිරීමට තීරණය විය.

 අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු එන්.බී. මුර්දු ප්‍රනාන්දු, විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය, විනිසුරු ශිරාන් ගුණරත්න, විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් හා විනිසුරු එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් විභාගය සිදු කෙරේ.

කෙසේ වුවත් මෙම සිද්ධිය පිලිබඳව පාර්ලිමේන්තුව මගින් විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලදී. නමුත් එහිදී සිදු වූ අනාවරණයන් පිලිබදව සියලු විස්තර ජනතාව වෙත ලබා දීමක් සිදු නොවුනි. එසේම රටේ ජනතාව සුරැකීම කුමන රජයක් පැවතියත් ඔවුන්ගේ වගකීම වන අතර රජය වෙනුවෙන් රාජ්‍ය නිලධාරින් තම කටයුතු සිදු කල යුතුව තිබේ. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කටයුතු නිසි ලෙස ඉටුකිරීමට රාජ්‍ය නිලධාරින් අසමත් වූ බව නොරහසකි.

Exit mobile version