ලෝකයේ බොහෝ දියුණු රටවල් වල පවා බොහෝ ජනයා භාවිතා කරන්නේ පා පැදියයි. ජපානයේ ප්‍රකෝටිපතියන් මෙන්ම විවිධ විශාල ආයතන හිමිකරුවන්ද කාර්යාලයට එන්නේ පා පැදියෙනි.
ශ්‍රී ලාංකිකයන් සැප පසු පස්සේ ගියේය. පාලකයන්ද “ජාඩියට මූඩිය” සේ සෙට් වෙමින් ඊලග මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනතාවට සැප දුන්නේ ශ්‍රී ලංකාව ලෝකයාට ණය කරමිනි. නැතහොත් මව් බිමේ සියලු විදේශිකයන්ට උගස් කරමිනි. අවුරුදු ගනනාවක්ම මෙරට දේශපාලන බලධාරීන් මෙන්ම රාජ්‍ය සේවකයන්ද සිදු කලේ තම සැප වෙනුවෙන් ජනතාව උගස් කිරීමයි.
සියල්ලම වෙනස් වෙමින් පවතී. මේ නාරම්මල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වෛද්‍ය නාමල් සමරසේකර වේ. ඔහු රාජකාරිය සදහා පැමිණෙන්නේ පා පැදියෙනි.
දැන් ශ්‍රී ලංකාවේ සියලුම පුද්ගලයන් කිලෝ මීටර් 10 – 15 ගමන් සදහා පා පැදිය භාවිතා කලේ නම් තමන්ගේ පසුම්බියටද හොදය. ශරීර සෞඛ්‍යටද හොදය. විවිද රෝගාබාධ සදහා පා පැදිය දිව්‍ය ඖෂධයකි.
