පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් වූ කරුණු පිළිබඳ වහාම පරීක්ෂන ආරම්භ කරන්නැයි ජනපතිගෙන් නියෝග

ජනාධිපතිවරයා විසින් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝගයක් ලබා දෙමින් පවසා ඇත්තේ පැන්ඩෝරා පත්‍රිකා මගින් මෙරට සම්බන්ධයෙන් හෙළිදරව් වී ඇ.ති කරුණු පිළිබඳව වහාම පරීක්ෂණ සිදු කරන ලෙසටය.

 අද (06) උදෑසන ආරම්භ කෙරුණු කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙම අදහස් සඳහන් කර ඇත.

පසුගිය දා පැන්ඩෝරා පත්‍රිකා මගින් ලොව සිටින දේශපාලන බලවතුන් ,ප්‍රකොටිපතියන් මෙන් ම ලෝක නායකයින්ගේ රහස්‍ය ධනය සහ ගනුදෙනු පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වූ අතර එහි ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම ද ඇතුලත්ව තිබෙණ බව වාර්තා වී ඇත.

 ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් මසක් අතුළත පරීක්ෂණ සිදුකර මෙම කාරණා සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටය.

Exit mobile version