පැන්ඩෝරා විමර්ශන පිළිබද ප්‍රගතිය ජනපති වෙත

පැන්ඩෝරා පත්‍රිකා ඔස්සේ හෙළි වූ මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් ආරම්භ කරන ලද විමර්ශන කටයුතුවල ප්‍රගතිය ජනපති හමුවට ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිදුකළ අතර පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධ විමර්ශන සිදුකර මසක් ඇතුළත දී ඒ පිළිබද වාර්තාවක් ලබාදෙන ලෙස ද අදාළ කොමිසම වෙත ජනපති උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව ජනපති හමුවට ඉදිරිපත් කළ වාර්තාවේ තිරුකුමරන් නඩේෂන් මහතා‌ගේ බැංකු ගිණුම් සම්බන්ධ විස්තර ඇතුළත් වාර්තා විවිධ බැංකු සහ මූල්‍ය ආයතන මගින් කැදවා ඇති අතර, මේ වන විට එම වාර්තා ලැබෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කර ඇත.

එමෙන් ම මේ වන විට විමර්ශන කටයුතු බොහෝදුරට අවසන් බවත් ඊට අදාළව කැදවන ලද වාර්තා සහ අනෙකුත් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව ලබාදීමට කටයුතු සූදානම් බවද ජනපති වෙත දැනුම් දී ඇත.

Exit mobile version