පැය දහයක ජල කප්පාදුවක්

විදුලිබල මණ්ඩලය සිදුකරනු ලබන අත්‍යවශ්‍යය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (25)පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවට ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.

එදින පෙරවරු 11 සිට රාත්‍රි 9 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ කොළඹ ,දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවලටයි.

Exit mobile version