පැය 20 ක ජල කප්පාදුවක් .

වැඩභාර නිලධාරී කාර්යාලයට අයත් කනත්ත පාර පොම්පාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් සිදු කරනු ලබන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන් හෙට(13) දින පෙ.ව.10.00 සිට අනිද්දා(14) දින පෙ.ව.6.00 දක්වා පැය 20ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබන බව වාර්තා වේ.

ඒ අනුව ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම-පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මඩවල පාර, බෝකුන්දර පාර හා ඊට අදාළ සියළු අතුරු මාර්ග සදහා ජල සැපයුම අත්හිටවනු ඇති බව සදහන්.

Exit mobile version