පැරණි පුරාවස්තු 28ක් යළි ග්‍රීසියට.

2021 වර්ෂයේ පැවති වෙන්දේසියක දී ලොව මිල අධිකම රත්තරන්  කාසිය ලෙස සැලකෙන “ ඊද් මාර් “ යන නාමයෙන් හදුන්වන කාසිය  ඩොලර් මිලියන 4.2කට අලෙවි කර තිබූ අතර ඇමෙරිකානු බලධාරීන් විසින්   මෙම කාසිය යළි ග්‍රීසියට භාර දුන් බව වාර්තා වේ. මෙම “ඊද් මාර්” කාසිය සෙනෙට් සභික බෘටස් විසින් සීසර්ගේ ඝාතනය සිහි වීම උදෙසා සමරුවක් ලෙස වර්ෂ 2000කට පෙර නිර්මාණය කර ඇති බව සදහන්.

මෙම කාසිය ව්‍යාජ ලේඛන යොදා ගනිමින් වෙන්දේසියේ ලැයිස්තුගත කර ඇති බවත් කාසිය ග්‍රීසියේ සිට සොරකම් කර රැගෙන ආ එකක් බවත් ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක නිලධාරීන් විසින් සීදු කළ විමර්ශනයක දී අනාවරණය වූ බව වාර්තා වේ.මෙම කාසිය වෙන්දේසියේ අලෙවි කළ පුද්ගලයා ස්වදේශ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව සදහන් කරයි.

එමෙන්ම මෙම ලොව මිල අධිකම රත්තරන් කාසිය වන “ඊද් මාර් “ කාසිය නැවත ග්‍රීසියට භාර දුන් උත්සවයේ දී මෙම කාසිය සමග තවත් පැරණි පුරාවස්තු 28ක් ග්‍රීසියට භාර දී ඇත.

(ඡායාරූප අන්තර්ජාලයෙන් )

Exit mobile version