අප නිරන්තරයෙන්ම පෙන්වා දෙන්නේ, ලංකාව විනාශ කරනුයේ දේශපාලන අධිකාරිය නොව රාජ්‍ය සේවයේ දූෂිත නිලධාරීන් බවය. ඒ සදහා අවශ්‍ය තරමටත් වඩා අප සාක්ශි සහිතවම පෙන්වා දී තිබේ. එළඹෙන මැයි මස රත්නපුර සමන් දේවාලයේ බස්නායක නිලමේවරයාගේ නිල කාලය අවසන් වේ. ඒත් සමගම තවත් අවුරුද්දක් රැදී සිටීම සදහා වර්තමාන බස්නායක නිලමේවරයාද දැඩි උත්සායක නිරතවෙමින් සිටී.
සමන් දේවාලයේ නිලවරනය සදහා ප්‍රදේශයේ මහජනතාව නියෝජනය කරමින් ඡන්දය ලබා දීමට , රත්නපුර දිස්ත්‍රික්කයේ පිරිමි ප්‍රදේශීය ලේකම්වරුන්ට , සමන් දේවාලය, උග්ගල් අලුත් නුවර දේවාලය, බොල්තුබේ සමන් දේවාලය සහ අම්මඩුව යන දේවාල වල බස්නායක නිලමේවරුන්ට මෙන්ම තවත් භාරකරුවෙකුට සුදුසුකම් තිබේ.
රත්නපුර සමන් දේවාලයේ නිලවරනය සදහා ඉදිරිපත් වන එක් අපේක්ෂකයෙකු පසුගියදා මහනුවර , දියවඩන නිලමේවරයාගේ නිලවරන ව්‍යාපාරය වෙනුවෙන් පැවති සාකච්ඡාවට පැමිණ සිටියේය. ඒ සදහා රත්නපුරේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කිහිප දෙනෙකුද සහභාගී වී සිටියේය.
රත්නපුර සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා පත් කරගැනීමේ ලක්ෂ ගණනාවක කොන්ත්‍රාත්තුව භාරගෙන තිබෙන්නේ පැල්මඩුල්ල ප්‍රදේශීය ලේකම්වරයා ය.
අවුරුද්දකට වරක් ශ්‍රී පාදය වදින ඔහු, ආගමට දහමට වඩාත් සමීප බව ලෝකෙට පෙන්වන බව ඔහුගේ මුහුනු පොතට ගිය විට දැකිය හැකිය. ඔහු දැන හෝ නොදැන මේ කරන්නේ තවත් දූෂිතයෙකු , මෙන්ම දූෂිත පරපුරක් ඇත්තෙකු මේ ස්ථානය සදහා පත්කරගැනීමේ දුෂිත කොන්ත්‍රාත්තුවකි. ඒ වෙනුවෙන් ඔහුට ලැබෙන ලක්ෂ ගණනාවක මුදල සහ, ඉන් පසු සමන් දේවාලයේ සිදුවන සියලු දුෂණවලින් සිදුවෙන පාපයද ඔහුගේ මරණ මංචකයට පෙර, ඔහුට ලැබෙන දේ ඔහු අදහන ආගමට අනුව තේරුම් ගෙන තිබීම වැදගත් වනු ඇත. පසුගිය නිලවරනය වෙනුවෙන් ලක්ෂ කීයක් තමනුත් ගත්තේද, ඉන් මේ වෙද්දිත් සිදුව තිබෙන හානියට තමනුත් අත ගැසු බවද මතක් කරගැනීම වඩාත් සුදුසු වේ.
එබැවින් මහජනතාවගෙන් වැටුප් ලබන තනතුර හොරුන් සහ දූෂිතයන්ගේ පැවැත්ම වෙනුවෙන් භාවිතා නොකළ යුතුය. හොද හොද සෙල්ලම් අපට ඉදිරියේදී බලාගත හැකි වනු ඇත. දූෂිත නොවුණු , සොබා දහම හෝ විකුණාගෙන නොකන, මිනිසෙකු පත්කරගැනීමට තම ලේකම්වරුන් මෙහෙයවීමද, රත්නපුරට පැමිණි නව දිස්ත්‍රික් ලේකම්වරයාගේ ද වගකීම වේ.
