තමන් බලා සිටියදී ම දුව දූෂණය කළ හැටි කියන පියා (වීඩියෝ)

තම දෑස් ඉදිරියේ දූෂණයට ලක් වන සිය ලෙයින් බිහි වූ දියණිය, එංගලන්තයේ දී සිය පියා ඝාතනය වීම මෙන්ම එම ත්‍රස්ථයන්ට හසු වී තමන්ව මරා දැමීමට තැත් කරන තම බිරිඳ.මෙවැනි ඛේදනීය ඉරණම් රැසකට මුහුණ පෑ ඔහු නමින් සේනක ද සිල්වා ය.

ඔහු තමන් අත්විඳි මෙම අත්දැකීම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් මෙහෙයවන ලද Truth with Chamuditha වැඩසටහන හමුවේ ප්‍රකාශයට පත්කරන ලදී.

සේනක ද සිල්වා මහතා සඳහන් කළේ සිය පියාගේ ඝාතනයේ පිටුපස මෙන්ම තම දියණිය, බිරිඳ සිරකරගෙන සිටීම යන සියලුම අපරාධයන් මෙහෙයවන ලද්දේ එංගලන්ත ත්‍රස්ථ සංවිධානයක් විසින් බවයි.

මෙම ත්‍රස්ථ සංවිධානයේ සාමාජිකයෙක් නිවසට පැමිණ පියාට ප්‍රතිකාර කරන මුවාවෙන් ඔහුගේ උදරය පලා එතුළට යකඩ ගුලියක් වැනි යමක් ඇතුල් කර සිය පියාව ඝාතනය කරන ලද බව ඔහු මෙහි දී පෙන්වාදෙයි.

පියාගේ ඝාතනයේ සුලමුල සෙවීමට තැත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට සිය දියණිය සහ බිරිඳ ද ඔහුට අහිමි විය.

මෙම ත්‍රස්ථයින් විසින් දරුවා පැහැරගෙන ඇයගේ ශරීරයට විවිධ මත්ද්‍රව්‍ය ඇතුල් කර ඇයව ඔවුන්ගේ පාලනයට ගෙන ඇති බවත්, දියණියට තම පියාව හෝ හඳුනාගැනීමට නොහැකි වන පරිදි ඔවුන් ඇයගේ සිතිවිලි සියල්ල පාලනයට ගෙන ඇත. අදටත් දියණිය අතුරුදන්ව ඇති අතර පැහැරගත් බිරිඳ ද විටින් විට මොහුව ඝාතනය කිරීමට තැත් කර ඇත.

නිවසට පැමිණ තමන්ගේම දියණිය ,සිය දෑස් ඉදිරිපිට දූෂණය වන විට දියණිය රැක ගැනීමට යන පියා පොලිස් අත්අඩංගුවට පත්වන පුවතක් කෙදිනක හෝ මින් පෙර අප අසා තිබුණේ ද?නමුත් මෙම පියාට අත්ව ඇති ඉරණම එයයි.

දියණිය තවත් පිරිමියෙකු අතින් සිය දෑස් ඉදිරියේ දූෂණයට ලක් වනවා දැකීම තරම් දරුණු යමක් පියෙක්ට තවත් ලොව ඇත්ද?සිය ලෙයින් උපන් එකම දියණිය විනාශ වන අයුරු දැක දැක කිසිත් නොකර ලබා සිටීමට හැකියාවක් ඇත්තේ කුමන පියෙක්ට ද?එවන් පියෙකුගේ මානසික ස්වභාව, සිත් වේදනාව කොපමණ ද කියා අපට කිව නොහැක.

ලොව දියුණු යැයි පවසන බලවත් රටවල් තුළ පවා අශිෂ්ඨ වූ කෲර ක්‍රියාවන්, විවිධ ත්‍රස්ථ සංවිධානයන් තවමත් මෙසේ ක්‍රියාත්මක බවට මෙය හොඳම නිදසුනකි.

ඔහු ඉදිරිපත් කරන සාක්ෂි, ඔහුගේ ජීවිත කතාව සියල්ල දෙස බැලූ විට එය චිත්‍රපටයක් සේ පෙනී ගිය ද මෙවැනි සිදුවීම් කෙතරම් නම් සමාජය තුළ,ලොව තුළ සැඟව ගොස් ඇත්ද?මේ සඳහා වගකිව යුතු,වගවිය යුතු බලධාරීන්ගේ අවධානය යොමුව මේ පිළිබඳ සත්‍ය සොයා මොවුනට යම් සාධාරණයක් ඉටුවිය යුතුව ඇත.

මේ සම්බන්ධ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන්,

Exit mobile version