පිසූ ආහාර බද්ද

කොලොම්බියාව ජීවන රටා රෝග පාලනය කිරීම වෙනුවෙන් ආහාර නීතිය’ක් සම්මත කර තිබේ.

මේ අනුව සැකසූ ආහාර ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය බද්දක් හඳුන්වා දුන් ලොව පළමු රට වන්නේ ලතින් ඇමරිකානු රටක් වන කොළොම්බියාව වන අතර මෙහිදී වසර ගණනාවක ප්‍රචාරණයෙන් පසු “ක්ෂණික කෑම නීතිය” මේ මාසයේ ක්‍රියාත්මක වූ අතර ක්‍රමයෙන් බද්දක් හඳුන්වා දෙනු ලැබේ.

ඒ, අනුව එම අතිරේක බද්ද 10% කින් ආරම්භ වන අතර එය ලබන වසරේ 15% දක්වාත්, 2025 දී 20% දක්වාත් ඉහළ යනු ඇති බවයි වාර්තා වේ.

කොලොම්බියාවේ මෙම තීරණය සම්බන්ධයෙන් ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලේ ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථික විද්‍යා මහාචාර්ය ෆ්‍රැන්කෝ සාසි කියා සිටියේ, “කොලොම්බියාවේ මෙම නීතිය අප කලින් දැක ඇති දේට වඩා පුළුල් වන අතර අනෙකුත් රටවලට ආදර්ශයක් විය හැකි” බවයි.

මෙම බද්ද ඉලක්ක කරන්නේ කාර්මිකව නිෂ්පාදනය කරන ලද ක්ෂණික ආහාර, චොකලට් ,අධික ලුණු සහ සංතෘප්ත මේදය ඇතිව සැකසූ නිෂ්පාදන යන්ටය. සමහර සැකසූ ආහාර, උදාහරණයක් ලෙස සොසේජස් වැනි දෑ බද්දෙන් බැහැර කිරීම වැනි යම් යම් සම්මුතීන් ද ඇති කර ගෙන ඇති බවයි සාසි වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ .

Exit mobile version