පිළිකා සෛල නසන සුපිරි ඖෂධය නිපදවූ තරුණ මහාචාර්යවරයා මුල් වරට සම්මුඛ සාකච්ඡාවක.

දේශීය වෛද්‍ය විද්‍යාව බටහිර විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු කර පෙන්වයි.

දේශීය කුළුබඩු අතර පිළිකා මට්ටු කළ හැකි ආහාර රැසක්

පිළිකා සෛල මරා දැමීමේ හැකියාවෙන් යුත් නව ඖෂධයක් නිපදවීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත්ව තිබෙනවා.

එම ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම සොයා ගැනීම සිදුකර ඇත්තේ වසර 12ක් අධික කාලයක් තිස්සේ සිදු කළ විද්‍යාත්මක පරීක්ෂණ වලින් පසුවයි.

මෙම පෝෂක ඖෂධය පිළිකා රෝගීන්ට සහ පිළිකා සුව වෙමින් සිටින රෝගීන්ට ද ලබා දීමට හැකි බවයි පැවසෙන්නේ.

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ සම්බන්ධයෙන් තවත් වැදගත් කරුණු රැසක් හෙළි කර තිබෙනවා.

දේශීය වෛද්‍ය විද්‍යාව බටහිර විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමට පවා හැකි වූ බවත් මෙරට පැරණි ජන සමාජය තුළ පැවති ආහාර රටාව පිළිකා ඇති නොවීමට හේතු වී ඇති බවත් ඔහු මෙහි දී පෙන්වා දී තිබෙනවා.

Exit mobile version