පුංචි උන්ගේ බඩේ ගින්දර මහ එවුන්ටත් අනේ පෙනියන්

පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින් වූ ශ්‍රී ලංකාව මේ වන විට ඉල්ලංකාවක් බවට පත් වී තිබේ.ඒ තත්වයට මේ ලස්සන රට පත් කළේ කවුරුන්ද යන වග අමුතුවෙන් කිව යුතු නැත.බලය ලබා ගැනීමේ කෑදරත්වයෙන් මේ ලස්සන රට හප කිරීමේ ගෞරවය දේශපාඥයන් ලෙස හඳුන්වන යමයන්ට හිමි විය යුතුමය.

එමෙන්ම ස්වභාව සෞන්දර්ය අතින්, කෘෂිකාර්මික අංශයෙන් වගේම ලෝකයේ හොඳම කුළුබඩු සහිත රට වන්නේද ශ්‍රී ලංකාවයි.නමුත් මේ වන විට ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව ඉතා අන්ත තත්වයකට පත් වී තිබේ.

ඒ වගේම මන්දපෝෂණය අතින් ලෝකයේ 6 වන ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.ඉතිං පුරවැසියන් වශයෙන් අපි සතුටට පත් වී අත්පොඩි ගැසිය යුතු කරුණක්ද එය. නැත ලැජ්ජ විය යුතුය.මන්ද අපේ රටේ අනාගත දරු පරපුරට මේ සිදු කළ විනාශයට රටේ මහ උන්ව ඒ පුටුවලට යවපු හැමෝම අඩු වැඩි වශයෙන් වගකිව යුතුය.

මීට අමතරව රටේ පවතින වත්මන් තත්වය පැහැදිලි වන්නට නිදසුනක් සමාජ මාධ්‍යයේ තිබී හමුවිය. එම උපුටාගැනීම පහතින් දැක්වේ.

“අද උදේ මගේ ඉස්කෝලෙ උන සිද්ධියක් මේක.පහ වසරෙ දුවෙක් මේ කොච්චි ටික කඩන් ඇවිත් කැන්ටිමේ මනුස්සයට දීලා කන්න දෙන්න කියල.මේ වගේ දරුවො සිරිලංකාවෙ කෙතරම් ඇතිද.හොරා කාපු හොරා කන පාදඩ පාලකයන් භංග වේවා සාප වේවා!🙏”

මෙය Madusha Kavind ගුරුතුමාගේ නිළ facebook ගිණුමෙන් උපුටා ගන්නා ලදී.

කෙසේ වෙතත් ඉහත කාරණාව සාවදානව විමසා බැලීමේදී පසක් වන්නේ රටේ දරුවන් විඳින දුක්ගැහැට කොතෙක්ද යන්නයි.

මේ දේවල් මෙසේ සිදුවද්දී රටේ සමස්ත දරුවන්ට කෑම වේල නැති කරපු ආර්ථික ඝාතකයන් මල් මාලා දමා පිළිගැනීමට නම් බොහෝ පිරිස් පෙළගැසී සිටිනු දැකගත හැකි විය.

නමුත් කණගාටුවට කරුණ නම් පුංචි එවුන්ගේ බඩගින්දර නිවන්න කිසිඳු පාලකයෙක්වත් ඔවුන්ට සට්ටැඹිකම් කරන පුද්ගලයෙකුවත් ඉදිරිපත් නොවීමයි.

Exit mobile version