ඉංගිරිය , අරකාවිල , සිරිමල්වත්ත ප්‍රදේශයේ නිවසක පුටු සැටියේ සූක්ෂම ලෙස සගවා තිබූ ටී 56 ගිනි අවියක් , ජීව උණ්ඩ 24 සහ මැගසින් දෙකක් සමග හිටපු යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගත්බව වාර්තා වේ.
මෙම ගිනි අවිය වෙඩි තබන අවස්ථාවලදී පහසුවෙන් හැසිරවිය හැකි ලෙස නවීකරණය කර තිබී ඇති අතර ආරක්ෂක හමුදාවට අයත් ගිනි අවියක් බවට සැකපල කරන බව සදහන්.
මෙම ගිනි අවියේ අංක යම් උපකරණයක් භාවිතයෙන් මකා දමා ඇති බවත් , මෙහි අනන්‍යතාවය තහවුරු කර ගැනීමට රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවත් වාර්තා වේ.
සැකකරු හොරණ , කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ බෝපේ නිශාන්ත නැමැත්තෙකුගේ සමීපතමයෙකු බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.
