හලාවත වැවිලි සමාගමට අයත් රස්නායකපුර මාවතගම වතුයායේ ස්ථාන භාර නිලධාරිවරයාට සොරකමේ ආ පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කර තිබෙන බවට වාර්තා වේ.
ඊයේ (14)දහවල් මාවතගම වතුයායට පැමිණි පුද්ගලයකු පොල් ගෝනියක් රැගෙන යමින් සිටියදී වතු නිලධාරියා විසින් ඔහුව ලුහු බැද අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී එම පුද්ගලයා වතු නිලධාරියාගේ අතට පිහියෙන් පහර දී පොල් ගෝනියද රැගෙන පලාගොස් තිබේ.
වතු නිලධාරියාගේ කෑගැසීමත් සමග අනිත් සේවකයන් එම ස්ථානයට පැමිණ සුවසැරිය සේවා රථය ගෙන්වාගෙන රෝහල් ගත කර ඇති අතර ඔහු මේ වන විට නිකවැරටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සැකකරු රස්නායකපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු දරුණු ලෙස මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූවකු බව පොලිසිය පවසයි.
