පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ සියලු කාර්යාල විවෘත කිරීමට තීරණය කරයි

ඔක්තෝබර් මස 04 වන දා සිට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල ඇතුලුව සියලුම පළාත් කාර්යාලවල සේවාවන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ද  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ  නිවේනයේ සඳහන් වේ.

ජාතික හැඳුනුම්පත් සකස් කර ගැනීම සඳහා අදාළ ඉල්ලුම් පත්‍රය ග්‍රාම නිලධාරීවරයා මගින් සහතික කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය වෙත භාර දිය යුතු අතර පසුව එම අයදුම්පත් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර ,අයදුම්කරුවන්ගේ පෞද්ගලික ලිපින වෙත ලියාපදිංචි තැපෑල ඔස්සේ කඩිනමින් යොමු කිරීමට කටයුතු සලසා ඇත.

Exit mobile version