පුද්ගලික රෝහලකට ලක්ෂ 15 ක දඩයක්.

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව සහ පූර්ණ රුධිර පරීක්ෂාවක් සදහා අය කරනු ලබන ගාස්තුව ඉක්මවා අය කළ දෙහිවල ප්‍රදේශයේ පුද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් නියම කළ බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරී ඒකකයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ඊ.යූ.රංජන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාවක් සදහා ගැසට් පත්‍රයේ සදහන් නියමිත ගාස්තුව රුපියල් 1200 ක් වුවත් මෙම පුදගලික රෝහල විසින් අය කළ මුදල රුපියල් 2500 ක් බවත් , පූර්ණ රුධිර පරීක්ෂාවක් සදහා නියමිත ගාස්තුව වන රුපියල් 400 මුදල සදහා රුපියල් 550 මුදලක් අය කළ බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සදහන්.

එමෙන්ම මෙතෙක් ඉතිහාසයේ පුද්ගලික රෝහල් සහ රසායනාගාරවලට නියම කළ දඩ මුදල් අතරින් අය කළ වැඩිම දඩ මුදල මෙය බව වාර්තා වේ.

Exit mobile version