පූජිත ජයසුන්දරත් නිදොස් කොට නිදහස් කෙරේ

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාව ඔහුට එරෙහි චෝදනාවන්ගෙන් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) නියම කරන ලදී.

ඔහුට එරෙහිව එල්ලවී තිබූ චෝදනා වශයෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී ත් එය වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැරහැරීම ඇතුළු චෝදනා කිහිපයකි.

අද (18) මෙම තීන්තුව ලබා දෙන ලද්දේ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

Exit mobile version