ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ රෝස්විල් ප්‍රදේශයේ දී පුද්ගලයකු සිය පෙම්වතියට වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.
අදාළ පෙම්වතා වයස අවුරුදු 29ක සීක් ජාතික තරුණයෙකු වන අතර මියගොස් ඇත්තේ අවුරුදු 34ක් වන තරුණියකි.
කෙසේ වෙතත් සවිකර තිබූ සීසීටීවී දර්ශන අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
