පෙර පාසල් දරුවන් පිරිසක් හදිසියේම රෝහලට.

කිලිනොච්චිය ,භාරතීපුරම් ප්‍රදේශයේ පෙරපාසලක දරු දැරියන් පිරිසකට ලබා දුන් දියර කිරි වර්ගයක් පානය කිරීම හේතුවෙන් ඇති වූ ආසාත්මික රෝගී තත්ත්වයක් නිසා හදිසියේම කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ .

මෙම කිරි වර්ගය පානය කිරීමෙන් මෙම දරුවන්ට ක්ලාන්තය , බඩ රිදීම , වමනය ඇතුළු විවිධ ආසාත්මික රෝගි ලක්ෂණ හට ගෙන තිබෙන බව දෙමාපියන් ප්‍රකාශ කර තිබේ.

මෙම දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කෙරේ.

Exit mobile version