පොදු මගී ප්‍රවාහන සේවය විදිමත් කිරීමට ජනපති අවධානය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මගී ආකර්ෂණය ඇති වන අයුරින් පොදු ප්‍රරවාහන සේවා විධිමත්ව හා ගුණාත්මක බවින් යුක්තව පවත්වගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කර ඇත.

ඉන්ධන මිල ඉහළ යාම සමඟ මහජනතාව පත්ව ඇති පීඩාව සහ මේ සමඟ පොදු ප්‍රවාහන සේවයට අවධානය යොමු වීම ආදී කරුණු මත පදනම්ව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (09) පැවැති ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

Exit mobile version