පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක්ම විවෘතයි.

මහනුවර ප්‍රදේශයට අද (09) සවස් කාලයේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ සහ අතු ගංඟාවල ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කර ඇතැයි පොල්ගොල්ල ජලාශය භාර කාර්‍යභාර්‍ය ඉන්ජිනේරු කාර්‍යාලය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මෙලෙස විවෘත කර තිබෙන වාන් දොරටු 3 න් තත්ත්පරයකට ඝන අඩි 8640 ක් වික්ටෝරියා ජලාශය වෙත නිකුත් කරන බව සඳහන් .

එම ඉන්ජිනේරු කාර්‍යාලය වැඩි දුරටත් සඳහන් කරන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි වැසි තත්ත්වය මත මුදා හරිනු ලබන ජල ධාරිතාවය වෙනස් විය හැකි බැවින් මහවැලි ගඟ භාවිතා කරන පිරිස් අවධානයෙන් සිටින ලෙසයි.

Exit mobile version