තමන්ගේ ජනාධිපති ධූරය අහිමි කරාවී කියන බයට රනිල් වික්‍රමසිංහ රාජපක්ශලා රකින බව තිස්ස අත්තනායක මහතා පැවසීය . ආන්ඩුව දූශන විරෝධී පනත ගෙන ආවේ IMF කොන්දේසි වලින් බේරෙන්න බවද වැඩිදුරටත් පැවසීය. එතුමා මේ බව පැවසූවේ ජනසභාව වැඩසටහනේ කඩුවෙල ආසන රැස්වීමේදීය.
විද්‍යුත් විකාශන පනත, බාල එන්නත් නිසා මියයාම, ආර්ථිකය ඇතුලු කාරනා පිලිබද තිස්ස අත්තනායක මහතාද අදහස් දැක්වූහ
තිස්ස අත්තනායක මහතා පහත අයුරින් ප්‍රකාශ කරන ලදී.
“දූශන විරෝධී පනතක් එන එක හොදයි.
දූශනය එරෙහිව පනත් එන්න ඕන.
මිනිස්සු පාරට බැහැලා කිව්වේ හොරු අල්ලන්න කියලා.
හැබැයි මේ පනතේ ඒක හලලා.
හැබැයි තියෙන එකට වඩා හොදයි.
මේක සත්භාවෙන්ද ගෙනාවේ කියලා ප්‍රශ්නයක් තියෙනවා.
අතීතයට දඩුවම්කරනවා කියලා මේකේ නැත්තේ ඇයි.
මේ කරන්නේ imf කොන්දේසි සපුරන්න ඇගබේරගන්න ගෙනාපු එකක්.
මේ ආන්ඩුවයි රනිල් වික්‍රමසිංහයි දෙගොල්ලාම රාජපක්ශලා රකිනවා.
රනිල් බයයි රාජපක්ශලා තරහා කරගත්තොත් ජනාධිපතිකම නැතිවේවී කියලා.
විද්‍යුත් විකාශන පනතක් ගෙනත් මාධ්‍ය කටවහන්න හදනවා කියලා.
සමහරු රනිල් ආවම නලියනවා පෝලිම් නෑ කියලා.
රනිල් හදනවා පොර කියලා පෙන්වන්න.
පොලිම් නැත්තේ බිලියන 6 ක් වෙච්ච ණය ගෙවන්නේ නැති නිසා.
කාගෙවත් දක්ශතාවයකට නෙවෙයි.
කකුළුවා වතුර හට්ටියේ දගලන එකවගේ තමයි මේ ආර්තිකය.
ලබන අවුරුද්ද වෙද්දී ආර්තිකය පුපුරනවා.
ලෝක වෙලදපොලේ ගෑස් තෙල් අඩුවෙලා.
පහුගිය දවස්වල ලෙඩ්ඩු තුන්දෙනෙක් මැරුනා බාල ඉංජක්ශන් නිසා.
ජාවාරම් නිසා මිනිස්සු මැරෙනවා.
විශ සහිත එන්නත් නිසා මැරිලා.
බෙහෙත් මිල අහස උසට ගිහින්.
හිරුනිකා කියන්නේ යකඩ කාන්තාවක්.
මුලු රටේම ජනතාව වෙනුවෙන් පෙනීසිටියා.”
