පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පවසන්නේ 2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කරන ලද හුදෙක් තනි අපරාධයක් නොවන බවයි.
පොලිස්පතිවරයා සඳහන් කරන්නේ එය සිදු වීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමට සිදු වී ඇති බවත්, ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම්සහගතව සිදුකරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනී යන බවය.
මෙම අපරාධ විමර්ශනය ඉතා රහසිගතව සිදු කරන්නක් බවත්, ඒ පිළිබඳව මහජනතාවට හෙළ කිරීම අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බවත් ඔහු සඳහන් කර ඇත.
පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන සම්බන්ධව නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් එම විමර්ශනය සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මතවාද ගොඩනැගී ඇති බවය.