පොලිස්පති සේවා කාලය නැවත දිගු වෙයි.

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ සේවා කාලය අදින් (25) අවසන් වීමට නියමිතව තිබූවද , වික්‍රමරත්න මහතාගේ සේවා කාලය දෙවැනි වතාවටත් දීර්ඝ කර ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් , නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැමිණි පසු සාකච්ඡා කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරන ලදී.

Exit mobile version