පොලිස් කණ්ඩායමකට බඹර ප්‍රහාරයක්.

හමුදා සෙබළකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වලට ගිය ගම්පොල ස්ථානීය පරීක්ෂණාගාරයේ නිලධාරීන්ට පල්ලේදෙල්තොට ප්‍රදේශයේදී එල්ල වූ බඹර ප්‍රහාරයකින් සිව්දෙනෙකු රෝහල් ගත කර තිබෙන බව වාර්තා වේ .

මෙහිදී ගම් වාසීන් හය දෙනකුට ද මෙම ‍ බඹර ප්‍රහාරයට මුහුණ දීමට සිදුව ඇති බව සඳහන් .

පොලිස් කණ්ඩායම ගම්පොල සිට පල්ලේ දෙල්තොට දක්වා ජීප් රථයෙන් ගොස් එතැන් සිට පාගමනින් හමුදා සෙබළාගේ නිවස දක්වා යමින් සිටියදී ඇවිස්සී සිටි බඹර ගහනයකට මැදිව තිබෙන අතර එම අවස්ථාවේ මෙම පිරිස විවිධ පැති වලට දිවගොස් ගම්මානයේ තිබෙන නිවෙස් තුලට ඇතුලු වෙමින් බේරී තිබේ.

නමුත් ඒ වනවිටත් පිරිස බඹර ප්‍රහාරයට ලක්ව සිට ඇති බව වාර්තා වේ .

Exit mobile version