පොලිස් කොස්තාපල් ගංජා ප්‍රවාහනයේ. STF එකට මාට්ටු

ගංජා ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරියකු අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්ථා වේ.

අම්පාර පොලිස් වසමේ ECC මාර්ග බාධකය අසලදී ඔවුන් ගමන් ගත් යතුරු පැදිය නවතා පරික්ෂා කිරීමේදීපොලිස් කොස්තාපල්වරයා පැළඳ සිටි ජැකට්ටු වේ පිටුපස සඟවා ගෙන තිබූගංජා ග්‍රෑම් හයසියයකට අධික ප්‍රමාණයක් සහිත පාර්සලයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අම්පාර පොලිසියට භාරදී තිබෙි.

Exit mobile version