පොලිස් ජීපයක අසභ්‍ය වැකි ලියලා.

ජා ඇල ප්‍රදේශයේ පොලිස් භූමියේ නවතා තිබූ පොලිස් ජිප් රථයක අසභ්‍ය වැකි ලියා එය සූරා අලාභ හානි සිදු කර ඇති බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට ජිප් රථයේ රියදුරු ජිප් රථය සෝදා පිරිසිදු කිරීමට පොලිස් ගරාජයේ නවතා තිබූ අතර ඔහු නැවත එම ස්ථානයට පැමිණෙන විට දී ජිප් රථයේ හා දොරවල්වල අසභ්‍ය වැකි ලියා ඇති අයුරු දර්ශනය වී ඇත.

පොලිස් ආරංචි මාර්ග වාර්තා කරනුයේ පොලිස් ගරාජයට පිටස්තර පුද්ගලයින් ඇතුළු නොවන බවයි . මෙම ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක් සොයා ගෙන නැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලීසිය සදහන් කරයි .

Exit mobile version