පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට.

අද (23) උදෑසන කටුනායක මාදුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් 32 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.

මිය ගිය පුද්ගලයා මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ පදිංචි මාදම්පගේ බුද්ධික දිනේෂ් ශෝමවංශ ද සිල්වා නමැති අයෙක් බව සදහන් වේ.

අද උදෑසන මිගමුව කොට්ඨාශ අපරාධ මර්ධන ඒකකය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී පිස්තෝලයක් හා අත්බෝම්බයක් කටුනායක මාදුව ප්‍රදේශයේ සගවා ඇතිබවට කරනලද ප්‍රකාශයකට අනුව එම භාණ්ඩ ගෙනඒමට ගිය අවස්ථාවේ සැකකරු පොලිසිය වෙත අත්බෝම්බයක් දමාගැසීමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුහට වෙඩි තබා ඇති අතර වෙඩි තැබීමෙන් තුවාලලද සැකකරු රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සංවිධානාත්මක අපරාධකරුවකු බව පැවසෙන හීනැටියන මහේෂ් (ඩුබායි හි සගවසිටින) නැමත්තාගේ සමීපතයකු ලෙස මිය ගිය පුද්ගලයා  සැලකෙන බවයි පොලිසිය සදහන් කර ඇත්තේ.

Exit mobile version