මහනුවර පන්විල මඩොල්කැලේ ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේෂ්බුක් සාදයකදී මත්කුඩු භාවිතා කළ තරැණයින් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මඩොල්කැලේ හෝටලයේ මෙම සාදය සංවිධාන කර තිබෙන්නේ ෆේෂ්බුක් හරහායි.එහිදී අයිස් , හෂ්ත ඉ්‍රන්ඩි වැනි මත්ද්‍රව්‍ය හමුවී තිබෙනවා.
සාදයට සහභාගිවු තරුණයන් මහනුවර ,ගම්පොල ,මාතලේ,දඔුල්ල,යන ප්‍රදේශයේ වල බවයි පොලිසිය පවසන්නේ.
එම සාදය සඳහා තරැණයින් 85ක් හා තරුණියන් 15 දෙනෙක් සහභාගී වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පන්විල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වත්තේගම ,පන්විල,රංගල,තෙල්දෙනිය,යන පොලිස් ස්ථාන කිහිපයක් එක්ව අද අළුයම 3.30ට පමණ මෙහෙයුමක් සිදුකර ඇති අතර එහිදි මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද පස්වරුවේ තෙල්දෙනිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවයි පන්විල පොලීසිය පැවසුවේ.
