කාන්තාවකට පහර දී තුවාල සිදු කළ පොලිස් සැරයන්වරයෙකු වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුඳුවත්ත පොලීසියේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි මෙම පොලිස් සැරයන්වරයා රාජකාරී නිමවා නිවසට යමින් සිටියදී පුද්ගලික ආරවුලක් මත මෙම කාන්තාවටඅත් විලංගු යොදා මාර්ගය දිගේ පහරදෙමින් පොලිස්ථානයට ඇදගෙන විත් ඇති බව පොලිසිය පවසයි.
පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස කාන්තාවක් හැසිරෙන බවට නිරීක්ෂණය වූ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී කාන්තාවගේ නළලේ රුධිරය වහනය බව නිරීක්ෂණය වී තිබේ.
එම අවස්ථාවේදී වත්තල පොලීසියේ ස්ථානාධිපති වරයාගේ නියෝග මත ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව පොලිස් සැරයන් වරයා සැකපිට .අත්අඩංගුවට ගෙන ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
