පොලිසියේ 4 කගේ වැඩ තහනමක්.

වැලිකඩ පොලීසියේදී ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර රෝගාතුරවූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසුව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 4කගේ වැඩතහනම් කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව පොලිස් පරික්ෂවරයෙක්, සැරයන්වරුන් දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩතහනම් කර ඇති බව වාර්තා වෙයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙක්ට මාරුවීම් ලබාදීමට ද පියවර ගෙන ඇති බව සදහන්.

මියගිය කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ පහරදීමක් හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවට අනාවරණය වේ.

Exit mobile version