පොලිසිය ඉදිරිපිට පුද්ගලයෙකු වස පානය කරයි.

බිරිඳ සමග ගැටුමක් ඇති කරගත් පුද්ගලයෙකු පුපුරුස්ස පොලිසිය අසලදී වස පානය කර ඇති බව වාර්තා වේ.

සැමියා සමග ජීවත්වීමට නොහැකි බව පවසා බිරිඳ අවස්ථා කිහිපයකදී පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබේ.

ඊයේ දිනයේදී නැවතත් ගැටුමක් ඇති වී ඒ සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමට බිරිඳ පැමිණි අවස්ථාවේදී පොලිසිය අසලට පැමිණි සැමියා වස පානය කර ඇති බව සදහන්.

මේ සම්බන්ධව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් එම පුද්ගලයා ප්‍රතිකාර සදහා ගම්පොල රෝහලට ඇතුළත් කර තිබේ.

Exit mobile version