2022/10/10 එනම් ඊයේ දිනයේ ගාලුමුවදොර පැවතී විරෝධතාවයට පොලිසියෙන් බාධා සිදු කළා යැයි කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබි ඇත.
කෙසේ නමුත් පැමිණිල්ල බාර ගැනීම කොටුව පොලිසිය ප්‍රතික්ෂේප කල බවයි විරෝධකරුවන් ප්‍රකාශ කර ඇත්තේ.
නීතිඥවරුන් හා වෘත්තිකයන් විසින් මෙම විරෝධතාවය පැවැත්වූ අතර එය නීතිවිරෝධී බව පවසමිනුයි පොලිසිය විසින් විරෝධතාවය වැලක්වීමට කටයුතු කර ඇත්තේ.
මේ හේතුවෙන් පිරිසක් අද පොලිසියට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කොටුව පොලිසිය වෙත පැමිණ ඇත.
ඊයේ දිනයේ පැවතී විරෝධතාවයට අසාධාරණ ලෙස පොලිසිය මැදිහත් වූ බවත් එයට එරෙහිව ඉදිරියේදී කටයුතු කරන බවත් විරෝධතාකරුවන් දැඩි ලෙස අවධාරණය කර ඇත.
