මිරිහාන පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් විසින් එම පොලිස් ස්ථානයේදී සිරුරට ගිනිතබා ගන්නා ලද පුද්ගලයකුගේ ජීවිතය බේරා ගෙන ඇති බව වාර්තා වේ.
ගිනි තබාගත් පුද්ගලයා බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කොට ඇති බව සදහන්වේ.
මොහුගේ බිරිදට විරුද්ධව කරණ ලද පැමිනිල්ලක් විභාග කිරීමට පැමිණි අවස්ථාවේ මෙම අනතුර සිදුකරගෙන ඇති බවයි පොලිසිය සදහන් කර ඇත්තේ.
තවද මෙම පුද්ගලයා විසින් සිරුරට ගිනිතාබාගෙන තම බිරිද බදා ගැනීමට ගොස් ඇති අතර බිරිද දිවගොස් ඇති බවද සදහන්වේ.
බිරිදට පහර දීම්, මද්‍ර්ව්‍ය ලගතබාගනීම් සම්බන්ධයෙන් මොහුහට අදිකරණයේ නඩු හතරක් පමණ ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු වයස අවුරුදු 34ක් පමණ වන නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර සිදුවීම සම්බන්ධයෙන් මිරිහාන මුලස්ථාන පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව පැවසේ.
