රටේ හෙටක් නොව, තමන්ගේ හෙට දවස ගැනවත් හිතන්නට බැරි තරමට පොදුජන පෙරමුණේ ප්‍රභල සාමාජිකයන්ගේ ඔලුවට පොල් වැටී සේ හැසිරීම මේ දිනවල දක්නට ලැබේ. හිටපු ජනාධිපති ගෝඨාභය පලවාහැරීමේ අරගලයේ එක්ෂත් ජාතික පක්ෂයද සිටියේය. පොදුජන පෙරමුණට චන්දය දුන් ලක්ෂ ගණනාවක ජනතාවද ඔවුන්ට විරුද්ධව නැගී සිටියේය. නමුත් ඔලුවට පොල් වැටුණු පොහොට්ටුවේ පළමු පෙළ නායකයන්ට බිම් මට්ටමේ තත්වය ඉගෙන ගැනීමට තවමත් නොහැකිව තිබේ. කල යුත්ත සහ නොකළ යුත්ත කුමක්දැයි යන්න ඔවුන් පටලාවගෙන තිබේ.
මේ අතර ලංකා ලීඩර් වෙබ් අඩවිය විසින් ලංකා සර වෙබ් අඩවිය උපුටා දක්වමින් නව කැබිනට් මණ්ඩලයට නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන හා සනත් නිශාන්තගේ යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වීමසහ ඒ පිලිබඳව පොහොට්ටු පක්ෂය ඇතුළතින් මතුව ඇති අර්බුදය එම පක්ෂය විසින් තවමත් නිරාකරණය කර නොගැනීම නිසා නව ඇමති මණ්ඩලය දිවුරුම්දීමේ කටයුතු දිනෙන් දින ප්‍රමාදවන තත්ත්වයක් ඇතැයි වාර්තා කර තිබේ.
ජාතික ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිවුරුම් දීමට සූදානම්ව පැවතුනත් ඉහත ගැටලුව නිසා අවස්ථා කීපයක දී එය කල් දැමීමට සිදුවී ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
අර්බුදය කඩිනමින් විසඳාගෙන පක්ෂයේ තීන්දුව දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් ඉහත මන්ත්‍රීවරුන් සිව් දෙනා නව කැබිනට් මණ්ඩලයට පත්කරන ලෙස පොහොට්ටුවෙන්ම නිර්දේශයක් මුලදී ජනපතිවරයා වෙත ඉදිරිපත් වී තිබේ.
එහෙත්, ගැටලුව වී ඇත්තේ ඊට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් විරුද්ධ වීමෙන් පසු එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම දන්වන තුරු අත්හිටුවන ලෙස බැසිල් රාජපක්ෂ විසින් යළි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමත් සමගය.
මෙම පත් කිරීම්වලට එරෙහිවන කණ්ඩායම පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාවේ මෙවැනි පත්වීම් සිදුවීම පොහොට්ටුවේ දේශපාලන අනාගතයට යහපතක් නොවන බවද එම වාර්තාවෙහි සදහන් වේ.
ජායාරූපය උපුටා ගැනීම – ද ලීඩර් වෙබ් අඩවියෙනි.