පොහොට්ටු මල් වෙඩිල්ලෙන් පොලිස් ජීප් රථයට හානි.

පොදුජන එක්සත් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම අවසානයේ පිරිසක් විසින් පත්තු කරන ලද මල් වෙඩිල්ලකින් පොලිස් ජීප් රථයකට හානි සිදුව ඇති බවට පොලීසිය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මෙලෙස හානියට ලක්ව ඇත්තේ පයාගල පොලිස් ස්ථානය අයත් ජීප් රථයක් බවට අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version