තමාගේ සීයා එල්ල කළ පොලු පහරකින් මරණයටයට පත් තරුණයෙකු පිලිබදව කොටවෙහෙර ප්‍රදේශයෙන් වාර්තාවේ.
16වනදා රාත්‍රී මෙම තරුණයා තම නිවසේ නිදාගෙන සිටියදී ඔහුගේ සීයා තරුණයාගේ හිසට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
පහර දුන් සැකකරු වන විට ප්‍රදේශයේ නොමැති අතර පොලිසිය සැක කරන්නේ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.
පහරදීමෙන් මියගොස් ඇත්තේ නවෝද් දිල්ෂාන් නැමැති 18 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් වන අතර ඝාතනයට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ. සැකකරු සොයා කොටවෙරෙ පොලීසිය විසින් පොලිස් මෙහෙයුම් සිදුකරනු ලබයි














































