පෞද්ගලික බසයක දී පිහි ප්‍රහාරයක්.

ගල්ගමුව සිට ඇඹෝගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගල්ලෑව ප්‍රදේශයේ දී නවත්වා බස් රථයට ගොඩ වූ පුද්ගලයෙකු විසින් බස් රථයේ සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් බලපතල තුවාල ලැබූ කාන්තාව ඇහැටුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව සදහන් කරයි.

මොවුන් දෙදෙනා අතර වසර 3 ක පමණ සිට ප්‍රේම සබදතාවක් පැවතී ඇති අතර එහි ආරවුලක් නිසා මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.එමෙන්ම මෙම කාන්තාව මෙම පුද්ගලයා රවටා වරින් වර ලක්ෂ 4 කට ආසන්න මුදලක් ලබා ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වූ බව කියයි.

මෙම සිද්ධියෙන් කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ සහ කන ප්‍රදේශයේ තුවාල ඇති වී තිබෙන අතර කාන්තාව ලෝකුරුගම , ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි දෙදෙරු මවක් වන අතර පිහි ප්‍රහාර එල්ල කළ පුද්ගලයා ඉහලගම , ගල්ලෑව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි එක් දරු පියෙක් බව සදහන් කරයි.

පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ඇහැටුවාන පොලිස් අත්අඩංගුවේ පසු වන බව කියයි.

Exit mobile version