රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පෙන්වා දෙන්නේ සේවක හිඟයක් හේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනට ගැටලු පැන නැගී ඇති බවයි.
ඊයේ (01) දිනයේ සිට පෞද්ගලික බස් රථ ධාවනයට අවසර ලබා දී තිබුණ ද ප්‍රමාණවත් තරම් බස්රථ ධාවනය වීමක් නොපෙන්වන අතර බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මෙම දිනවලදී වෙනත් රැකියා අවස්ථා සඳහා යොමුවීම මෙයට හේතු වී ඇත බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ උදාහරණ වශයෙන් කොළඹ බස්නාහිර ධාවනය විය යුතු බස්රථ සංඛ්‍යාව 6000ක් වුව ද මේ වන විට ධාවනය වන්නේ 900ක් වැනි ප්‍රමාණයක් බවයි.
