බණ්ඩි පොහොර මිල පහළට.

මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර හෙවත් MOP රුපියල් 9,000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (26) පෙරවරුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී පැවැති වගා හානි වන්දි පිරිනැමිමේ අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

යල කන්නයේ දී වළව කලාපයේ වගා හානි සිදු වූ ගොවීන්ට වගා හානි සඳහා අද (26) දින රුපියල් ලක්ෂ 1,000ක මුදලක් රජය විසින් පිරිනැමූ අතර ඒ අනුව බණ්ඩි පොහොර මිටියක මිල රුපියල් 9,000 දක්වා අඩු කිරීමට නියමිත බවත් , රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් එම මිලට බණ්ඩි පොහොර ලබා දීම සිදු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කරන ලදී .

Exit mobile version