බත්මුලට මත්පැන් බෝතල් භාගයට ඡන්දය භාවිතා කළ යුගය අපි අවසන් කළ යුතුයි

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා තිබෙන්නේ පාරම්පරික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් රටට ආදරය කරන නව නායකත්වයක් කරායාමට සැවොම ක්‍රියාකාරී වියයුතු බවයි.

වාර්තා වන ආකාරයට ජාත්‍යන්තර කතෝලික ජනමාධ්‍ය සේවා ආයතනය සංවිධාන කරන සිග්නීස් සිනමා සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය්දී ඊයේ (26)රාත්‍රියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර එයට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව කියා තිබේ.

“රජය ද සමාජ මාධ්‍ය නියාමනයට යැයි කියමින් ඒකාධිපති නැඹුරුවක් තුළ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ හා සත්‍ය සොයායෑමේ අයිතිය සීමා කිරීම සඳහා මේ පනත ඉදිරිපත් කළ බව පැහැදිලිය. රට ඒකාධිපතිවාදය වෙත මෙහෙයවන්නට ක්‍රියාත්මක කරන මෙවැනි ප්‍රයත්නයන් පරාජය කිරීම, දේශමාමක හා ජනතාහිතෛෂී ජනමාධ්‍යයේ යුතුකම වේ. මෙතෙක් අප රට පාලනය කළ පාරම්පරික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කිරීමේ කාලය එළඹී ඇත. දේශපාලන, පවුල්වාදය හා පරගැතිබව තුරන් කරමින් රටතුළ නව ප්‍රබෝධයක් ඇති කරලීමේ කාලය අත ළඟය. ඇස්බැස්ටෝස් තහඩුවට, රුපියල් 5,000ට හෝ බත්මුලට මත්පැන් බෝතල් භාගයට ඡන්දය භාවිතා කළ යුගය අපි අවසන් කළ යුතුයි. සම්ප්‍රදායික ජනපීඩක දේශපාලකයින් වෙනුවට රටට ආදරය කරන නව නායකත්වයක් කරා යමින් අප දේශය නව විමුක්තියක් කරා රැගෙන යෑමට ඊළඟට අපි සැවොම ක්‍රියාකළ යුතුය.”

Exit mobile version