බදු සහන නොදුනහොත් රට අගාධයට

ආණ්ඩුව සුලු හා මධය්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට හැකි ඉක්මනින් බදු සහන ලබා නොදුනහොත් ලබන අප්‍රේල් මාසය වන විට සියලු ව්‍යාපාර අඩපණ වන බවත් එසේ වුවහොත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වීම වැළැක්විය නොහැකි කාරණයක් බවත් ලාංකිය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ටානියා එස්.අබේසුන්දර මහත්මිය අද (08) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස වාර්තා කරන ලදි.

මෙලෙස සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වර්තමාන ආණ්ඩුව සහ නිලධාරින් එක්ව විනාශ නොකල යුතු බවත් මහ බැංකු අධිපති ව්‍යාපාරිකයින්ට සහන ලබා දෙන ලෙස බැංකුවලට කටවචනයෙන් නොව චක්‍රලේඛයක් මගින් නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවද අබේසුන්දර මහත්මිය ප්‍රකාශ කල බවට වාර්තා වේ.

සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සතුව ආනයනය කල අමුද්‍රව්‍ය හා නිෂ්පාදන විශාල තොග ප්‍රමාණයක් ගොඩගැසී ඇති හෙයින් ඩොලරයට ඇති ඉල්ලුම අඩු විමෙන් ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති බවටද ඇය විසින් වාර්තා කරන ලදි.

Exit mobile version