බන්දුල ගුණවර්ධන දුම්රිය ගැටළු විසදන්න සුදානම් – වසරක් කල් ඉල්ලයි.

කැබිනට් ප්‍රකාශක , ප්‍රවාහන, මහාමාර්ග , ජනමාද්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දුම්රිය ගැටළු විසදීම සදහා ඔහු හට වසරක කාලයක් ලබාදෙන ඉල්ලා ඇති බව වාර්තා වේ.

දුම්රිය මාර්ගයන්හි නඩත්තු කටයුතු සම්බන්ධයෙන්  ඇතිවී තිබෙන සේවක, අමුද්‍රව්‍ය ගැටළු සේම දුම්රිය මාර්ගයන් සැකසීම හා වැඩි දියුණුකොට විදුලි දුම්රිය බවට පත්කිරීම වනුවෙන් තමා වසරක කාලයක් තුල සිදුකිරීමට උත්සහ කරණ බව ඇමතිවරයා අද (24) දින කැබිනට් තීරණ දැනුන් දීමේ මාද්‍ය හමුවේදී මාද්‍ය වේදීන් නැගූ ප්‍රශ්න හමුවෙව් පිළිතුරු දෙමින් ප්‍රකාශ කර ඇත.

ඇමති වරයා තවදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට 3000ක පිරිසක් එළබෙන මාසයෙදී අනියුක්ත කරගැනීමටත් දුම්රිය මාර්ග සදහා අවශ්‍ය පීලි 10000ක් මිලදී ගැනීමටත් අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි,

Exit mobile version