බන්ධනාගාරයෙන් හමුවූ පාර්සලයෙන් තහනම් ද්‍රව්‍ය රැසක් හමුවේ

කළුතර බන්ධනාගාරය තුලට පාර්සලයක් විසිකළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ අරඹා ඇත.

එම පුද්ගලයා බන්ධනාගාරයේ D අංශය වෙතට අදාළ පාර්සලය  විසිකරන අයුරු බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතියට හසුවී ඇත.

එය නිරීක්ෂනය කළ නිලධාරීන් ක්ෂේත්‍ර සේවා හා අවි අංශයේ නිලධාරීන් අදාළ පාර්සලය සොයාගෙන ඇත.

ඒ අනුව එම පාර්සලයේ තිබී හෙරෝයින් පැකට් 68ක්, මත් කරල් 13ක්, දුම්කොළ 10ක්, ජංගම දුරකථන 03 හා ජංගම දුරකථන චාජර් 02ක් හමුවිය.

එසේ සොයාගත් මත්ද්‍රව්‍ය ඇතුළු සියලු ද්‍රව්‍ය ඉදිරි කටයුතු සඳහා කළුතර උතුරු පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.  

Exit mobile version