බලංගොඩ – හැටන් මාර්ගයත් වැසෙයි.

අධික වර්ෂාවත් සමග පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බලංගොඩ – හැටන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වේ .

පින්නවල ප්‍රදේශයේදී අද (25) දහවල් ගස් සහ ගල් සමග පස් කන්දක් කඩා වැටී මාර්ගය අවහිර වී ඇති අතර මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය පැය පහකට වැඩි කාලයක් සම්පුර්ණයෙන්ම ඇන හිට ඇති බව සදහන් .

ඉහළින් තවත් අවදානම් පස් කඳු කිහිපයක් පවතින බැවින් වර්ෂාව හේතුවෙන් පස් කන්ද මාර්ගයෙන් ඉවත් කිරීම ප්‍රමාද වන අතර මෙම ස්ථානයෙන් මාර්ගය වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබේ .

Exit mobile version